මයික්‍රොසොෆ්ට් Office 2010.
 
මයික්‍රොසොෆ්ට් සමාගමෙන් ලගදි නිකුත් කරපු Office පැකේජ් එක තමා Office 2010.එහි Office 2007 එකට වඩා හුගක් පහසුකම් තියෙනවා. නමුත් ලංකාවේ අපට ඔව්ව ගන්න කොහෙන්ද ඔච්චර සල්ලි. හරි කමක් නෑ, මෙන්න අපි අරගෙන ආව ඒ software එක ඔබට නොමිලේම.
ඉස්සෙල්ලම පහල ලින්කුවට ගිහින් software එක බාගන්න.
 

32-bit Version TORRENT 

 
හරියටම හරි. Key එක ඉල්ලනකොට පහල තියෙන Keys වලින් එකක් දෙන්න.
VYBBJ-TRJPB-QFQRF-QFT4D-H3GVB
6BWCH-DPPVF-MYQ3P-FJPCV-Y494Y
828CH-G4FPY-HMH4R-32GCK-6D9BH
4DRT4-F2M76-3WDJB-XGTRR-QF8KH
6QFDX-PYH2G-PPYFD-C7RJM-BBKQ8

PYMDW-8DFY2-Y68BB-XHDGD-CT443 

හොඳින් හා වේගයෙන් වැඩ කරමින් පවතින කම්පියුටර් එකක් ටික කාලයක් යන විට මන්දගාමී වෙන්න පුලුවන්.මේකට හේතුව මොකක්ද?ඇත්තටම අපි නිසියාකාරව අපේ පරිගණකය නඩත්තු නොකිරීම.ඇත්තටම පරිගණකයක් මිළ දී ගත් මුල් අවදියේ ඒ ගැන ඉතා ඕනෑකමින් සොයා බැලුවත් පසු කාලීනව තත්වය වෙනස් වෙනවා.මේ ලිපියෙන් මම කියල දෙන්න උත්සාහ කරන්නෙ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණකයක් මන්දගාමී වීමට හේතු සහ ඒවා මග හැර ගන්නා ආකාරයයි.ලිනක්ස් භාවිතා කරන්නන්ට මේ කරුණු වැදගත් නොවෙන්න පුලුවන්.මොකද ලිනක්ස් යූසර් කෙනෙක් කියන්නෙ මම හිතන විදිහට පරිගණක ගැන සෑහෙන දැනුමක් තියෙන පිරිසක් නිසා.අනෙක් අතට මේ කියන කරුණු ආධුනිකයන්ට තමයි ගොඩක් වැදගත් වෙන්නෙ.හරි දැන් බලමු පරිගණකය මන්දගාමී වෙන්න හේතු.මේ හේතු මූලිකව කොටස් දෙකකට වර්ග කරන්න පුලුවන්.

 1.දෘඩාංග දෝශ.

2.මුදුකාංග දෝශ.


මුලින්  බලමු  දෘඩාංග දෝශ ගැන.පරිගණකය තුල ක්‍රියාත්මක වෙන මෙහෙයුම් පද්ධතිය සුමටව ධාවනය වීමට නම් යම් අවම දෘඩාංග ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා.උදාහරණයක් ලෙස හිතන්න ඔබේ පරිගණකයේ වින්ඩෝස් XP ධාවනය හොඳින් සිදු වීමට නම්

1 CPU වේගය 300 MHz වැඩි වීම.
2 RAM මතකය 128 වඩා වැඩි වීම.
3 වින්ඩෝස් XP ස්තාපනය කිරීමට තරම් වූ හාර්ඩ් ඩිස්ක් එකක් තිබීම.


මේ සඳහන් කල දෘඩාංග අවම වශයෙන් තිබිය යුතුයි.නමුත් හොඳම දේ තමයි මේ සඳහන් කල ආකාරයට වඩා ඉහල හැකියාවන්ගෙන් යුතු පරිගණකයක් ‍තෝරා ගත් විට වේගවත්ව තමන්ගේ කටයුතු කරන්න පුලුවනි.මතක තියා ගත යුතු තවත් කාරණාවක් තමයි ඔබ වින්ඩෝස් විස්ටා හෝ වින්ඩෝස් සෙවන් භාවිතා කරනාවානම් මෙයට වඩා වැඩි දෘඩාංග හැකියාවක් පරිගණකයක් සතු විය යුතුයි.දැන් මෙහෙයුම් පද්ධතියට ගැලපෙන දෘඩාංග අවශ්‍යතාව හදුනා ගත්තනේ.ඉතින් ඔබේ පරිගණකය ඒ අදාල අවශ්‍යතා සපුරා නැත්නම් උදාහරණයක් ලෙස ‍රැම් එක 128 සිට 256 දක්වා වැඩි කර බලන්න.සැලකිය යුතු වේගයක් ලැබේවි.ඊළගට අපි බලමු මුදුකාංග දෝශ නිසා පරිගණක මන්දගාමී වන අවස්ථා.මම දකින ලෙස ඉහල දෘඩාංග හැකියාවක් තියෙන පරිගණක බොහොමයක් මේ මුදුකාංග දෝශ නිසා මන්දගාමී වන අවස්ථා එමටයි.අපි මීට අදාල කරුණු එකින් එක විමසා බලමු.

1 වයිරස් ආසාදිත පරිගණක

පරිගණකයේ වේගය නොසිතූ ලෙස අඩු වීමට හා එහි කටයුතු සම්පූර්ණයෙන්ම අවුල් කිරීමට වයිරස් වැඩසටහන් වලට හැකි වේ.(වයිරස් යන්නට මැල්වෙයා,ස්පයි වෙයා,ට්‍රොජන්,ඇඩ්වෙයා යනාදිය ඇතුලත්වේ.)බොහෝ වයිරස් අපි නොදැනුවත්වම පරිගණකය වෙත එන අතර අපි විසින් හිතාමතාම සමහර වයිරස් පරිගණකයට දාගන්නා අවස්ථාද නැතුවා නොවේ.ඒ ගැන පසුව අවස්ථාවක කතා කරමු.දැන් බලමු වයිරස් වලින් ආරක්ශා වෙන්නෙ කොහොමද කියල.මූලිකවම වයිරස් එන්නෙ අන්තර්ජාලය හරහා කියන එක ඔබ දන්න දෙයක්නෙ.පරිගණක අතර වේගයෙන් වයිරස් ව්‍යාප්ත වෙන්නෙ පෙන් ඩ්‍රයිව් හරහා කියන එකත් ඔබ දන්නව ඇති.මේ වයිරස් වලින් ආරක්ශා වෙන්න නම් හොඳ පිළිගත් වයිරස් වළක්වන මුදුකාංගයක් භාවිතා කිරීම වැදගත්.ඒ කියන්නෙ වයිරස් ගාඩ් එකක් නැත්නම් ඇන්ටි වයිරස් සොෆ්ට්වෙයා එකක්.මේවා නොමිලේ හා මුදල් ගෙවා ලබා ගැනීමට හැකි අතර.Avast.AVG,Avira,Node 32,Norton,Panda,Microsoft Security Essentials ආදිය වයිරස් ගාඩ් සඳහා ජනප්‍රිය මුදුකාංග ලෙස හඳුන්වා දීමට හැකිය.මම පුද්ගලිකව Microsoft Security Essentials සහ Avast යන ආරක්ශිත මුදුකාංග දෙක භාවිතා කරමි.විශේෂයෙන් කිව යුතු දෙයක් නම් ඔබ මෙම වයිරස් ගාඩ් අන්තර්ජාලය තුලින් ඩවුන්ලෝඩ් කරන්නෙ නම් අදාල නිශ්පාදකයාගේ නිල වෙබ් අඩවියෙන්ම ඩවුන්ලෝඩ් කරන්න.

වෙනත් වෙබ් අඩවි තුලින් ඩවුන්ලෝඩ් කිරීම එතරම් ආරක්ශාකාරී දෙයක් නොවිය හැක.එසේම මුදල් දී මිලදී ගන්නේ නම් ඒවා අන්තර්ජාලය තුලින් ලියාපදිංචි කිරීමටත් වග බලා ගන්න.අනෙක් වැදගත් කරුණ තමයි මේ වයිරස් ගාඩ් නිතරම යවත්කාලීන කිරීම නැත්නම් අප්ඩේට් කිරීම.අපි කොපමණ ප්‍රභල වයිරස් ගාඩ් එකක් ස්තාපිත කලත් එය නිසි පරිදි අප්ඩේට් කරන්නෙ නැතිනම් එයට වයිරස් හඳුනා ගැනීම හා ඒවා ක්‍රියාත්මක වීම වැලැක්වීම සහ ඉවත් කිරීම කල නොහැකි වේ.ඒ නිසා ඔබ පාවිච්චි කරන වයිරස් ගාඩ් එක නිතරම අප්ඩේට් තත්වයේ තියා ගන්න උත්සාහ කරන්න.බොහෝ වයිරස් ගාඩ් අන්තර්ජාලය සමග සම්බන්ධ වූ සැනින් ඉබේම යවත්කාලීන වන අතර ඔබට අන්තර්ජාල පහසුකම් හැම විටම නැතිනම් අඩුම තරමේ සතියකට වරක්වත් අන්තර්ජාලය හා සම්බන්ධ වී අප්ඩේට් කිරීම හෝ අප්ඩේට් ෆයිල් එක වෙනමම ඩවුන්ලෝඩ් කර ඉන්ස්ටෝල් කිරීම වැදගත්වේ.



විශේෂයෙන් ආගන්තුක පෙන් ඩ්‍රයිව් භාවිතා කිරීමේදී ඒවා හොඳින් ස්කෑන් කර භාවිතා කිරීම තුලින් වයිරස් ව්‍යාප්තිය අවම කරගත හැකිය.මේ කුමන ආරක්ශිත උපක්‍රම භාවිතා කලත් ඇතැම්විට අපි නොදැනුවත්වම ප්‍රභල වයිරස් වැඩසටහනක් පරිගණකයට ඇතුල් වීමට හැකි අතර එවැන්නක් සිදු වී තිබුනහොත් කල යුතු හොඳම දෙය වන්නෙ සම්පූර්ණ හාර්ඩ් ඩිස්ක් එකම ෆෝර්මැට් කර අලුතින් මෙහෙයුම් පද්ධතිය ඉන්ස්ටෝල් කිරීමයි.නමුත් බොහෝ අය කරන්නෙ c drive හෝ මෙහෙයුම් පද්ධතිය තිබෙන පාටිශන් එක පමණක් ෆෝමැට් කිරීමයි.එය නොකල යුතු දෙයකි.වැදගත් ඩේටා වෙනත් තැනක බැකප් කර මුලු හාර්ඩ් ඩිස්ක් එකම ෆෝමැට් කර අලුතින් පාටිශන් කර වින්ඩෝස් ඉන්ස්ටෝල් කරන්න.දැන් වින්ඩෝස් අප්ඩේට් ක්‍රියාත්මක කරන්න.වයිරස් ගාඩ් එකක් ඉන්ස්ටෝල් කරන්න.එයට අදාල අප්ඩේට්ද ඉන්ස්ටෝල් කරන්න.දැන් ඔබේ පෙර තිබූ ඩේටා නැවත පිහි‍ටුවන්න(එම බැකප් ඩේටා තුල වයිරස් ඇත්නම් දැන් ඒවා වයිරස් ගාඩ් එකෙන් අවහිර කරනු ඇති).මෙහිදී වින්ඩෝස් අප්ඩේට් ගැනත් කතා නොකරම බෑ.අපේ පරිගණකයේ නිසි ක්‍රියාකාරීත්වයට මෙය වැදගත් වන නිසාය.වින්ඩෝස් අප්ඩේට් කියන්නෙ මොනවද?මින් කෙරෙන කාර්ය කුමක්ද? ඒ ගැන ඊළග ලිපියෙන් කතා කරමු. 

 
Make a Free Website with Yola.